25th October 2024 20:23:53 Hours
75 වන සංවත්සරයට සමගාමීව රණවිරු සැමරුම් උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 13 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ට මූල්‍ය පරිත්‍යාගයක් සිදුකල අතර, අනතුරුව ඔවුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසු නිලයන් සහ රණවිරු පවුල්වල සාමාජිකයින්ද සහභාගී වූහ.