Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th October 2024 19:29:11 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ‘අභිමන්සල - III’ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ඔක්තොම්බර් මස 22 දින පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමන්සල - III’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත ජානකී ලියනගේ මහත්මිය එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, එතුමිය මීට පෙර එම සුවතා නිකේතනයේ සංචාරය කරන විට එහි ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් තිදෙනෙකු විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන් වෙත විදුලි රෝද පුටු තුනක් පරිත්‍යාග කරනු ලැබීය. තවද, එම සුවතා නිකේතනයේ සේවයේ නියුතු සහයකයින් 28 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම සුවතා නිකේතනයේ සේනාවිධායකගේ සුරතින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෙත ඇගයීමේ සංකේතයක් ද පිරිනැමිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව ද විමසා බැලීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායරූපයක් ද ගනු ලැබීය.

ඉන් අනතුරුව, එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ නිර්මාණ නිරීක්‍ෂණය කළ එතුමිය ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කළාය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.