23rd October 2024 19:19:38 Hours
2024 ළමා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව විසින් 2024 ඔක්තෝබර් මස 19 දින එම බලකායේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් 30 දෙනෙකු සඳහා පාසල් ලිපි ද්‍රව්‍ය සහ පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ එහිදී සෑම දරුවෙකු වෙතම පාසල් වර්ශයක් සඳහා අත්‍යාවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සලයක්, රු. 5000 ක් වටිනා DSI ත්‍යාග වවුචරයක් සමඟින් වර්ණවත් කුඩයක් ලබා දෙන ලදී. වැඩසටහන අතරතුර සෑම පවුලක් වෙතම වියළි ආහාර සලාක ඇසුරුමක් සහ සහභාගී වූ සියලුම දෙනා වෙතම උදෑසන සහ දිවා ආහාරය පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.