19th October 2024 11:51:27 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ දී 2024 ඔක්තෝබර් මස 16 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගි විය.
උත්සවයේදී යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදා දෙන ලදී.
එහිදී, කඹුරුපිටිය, අභිමංසල II සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති එම සුවතා නිකේතන පිහිනුම් තටාකය පිරිසිදු කිරීමට අවශ්‍ය පවිත්‍රතා ද්‍රව්‍ය ලබාදීම ද සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.