Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th October 2024 21:05:41 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය සැමරේ

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 5 දින ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු පිහිනුම් තටාක සංකීර්ණයේදී එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල ළමුන් වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය සහභාගී වූවාය.

මෙහිදී, විනෝදාත්මක ක්‍රියාකාරකම් හා විවිධ තරඟයන් පැවැත්වීමෙන් අනතුරුව ළමුන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් ද බෙදාදෙනු ලැබීය. පාරිසරික දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රාගම කොමර්ෂල් බැංකුවේ කළමණාකරු සහ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව ළමුන් අතර පැළ බෙදාදීමක් ද සිදුකෙරිණි.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ ළමුන් සහභාගි වූහ.