Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th October 2024 11:35:29 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය සහ ලෝක ළමා දිනයට සමගාමීව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත එම ශාඛාව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 12 දින දඹුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ජිනරතන ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ සහ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

දඹුල්ල මහනගර සභාවේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන අතරතුරදී එම මධ්‍යස්ථානයේ නේවාසික ළමුන් 30 දෙනෙකු වෙනුවෙන් විනෝදාස්වාද වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන් පවත්වනු ලැබීය.