Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th October 2024 14:19:11 Hours

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් චිත්‍ර තරඟයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් 2024 ඔක්තෝම්බර් මස 4 දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සහ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට ළමුන් 35 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන අතරතුරදී, සිත් ඇදගන්නාසුළු ක්‍රියාකාරකම්, විනෝදාස්වාද වැඩසටහන් පැවති අතර ළමුන්ට සහ සහභාගිවන්නන්ට ත්‍යාග පාර්සල් හා කෙටි ආහාරපාන ද එහිදී බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.