Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th October 2024 14:20:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ලෝක ළමා හා වැඩිහිටි දින වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මියගේ මඟපෙන්වීම මත කටුනායක 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 06 දින ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්විණි. 2 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ. උඩරටගේ සහ එතුමන්ගේ භාර්යාව වන චන්දිමා උඩරටගේ මහත්මියගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

වැඩසටහන අතරතුරදී, කීර්තිමත් කලාකරුවෙකු සහ සෞන්දර්ය අධ්‍යක්‍ෂවරයෙකු වන සමන් ගුණවර්ධන මහතා විසින් විශේෂ වැඩසටහනක් පැවැත්වීය. ඉන් අනතුරුව, එම ළමා නිවාසයේ නේවාසික ළමුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදීමෙන් පසුව සියලු දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.