Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th October 2024 18:40:24 Hours

විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ සීදූව මූලස්ථාන බලඇණිය විශේෂ බලකාය විසින් පරිත්‍යාග වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 06 දින පවත්වන ලදී.

මෙම උත්සවයේදී මූලස්ථාන බලඇණිය විශේෂ බළකායේ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට වියළි සලාක පාර්සල්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදී. මෙම පරිත්‍යාගවලට අමතරව සහභාගි වූ සියලු දෙනාට පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනමන ලද අතර, වැඩසටහන සඳහා සහභාගී වූ ළමුන් සඳහා විශේෂ තෑගි පාර්සල්ද බෙදා දෙන ලදී.