Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th October 2024 18:42:57 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් පොත් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවාවනිතා ශාඛාවේ සමාජිකාවන් විසින් දහම් පාසල් සිසුන් සඳහා පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝම්බර් මස 06 දින ඇටම්පිටිය දහම් පාසලේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.