Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th October 2024 15:52:39 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් මලියදේව ළමා නිවාසයේ පිරිමි ළමුන් විනෝද චාරිකාවක් රැගෙනයයි

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දමයන්ති බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 5 දින මලියදේව ළමා නිවාසයේ ළමුන් 23 දෙනෙකු කොළඹ අගනගරයේ විශේෂ විනෝද චාරිකාවක් රැගෙන යනු ලැබීය.

එහිදී, දෙහිවල සත්වෝද්‍යානය, නෙළුම් කුළුණ යන ස්ථානයන් නරඹා KFC Marine Drive වෙතින් දිවා ආහාරය රැගෙන ගාලු මුවදොර පිටියේදී ක්‍රීඩා කිරීමට ද එම ළමුන්ට අවස්ථාව හිමිවිය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ළමුන් වෙත පාවහන් සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහ එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.