Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th October 2024 15:48:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් “මව්පිය සෙවණ” වැඩිහිටි නිවාසයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත ලෝක වැඩිහිටි දිනයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 75 වන සංවත්සර දිනයට සහ යුධෝපකරණ බලකායේ සංවත්සර දිනයට සමගාමීව යුධෝපකරණ පුහුණු පාසල සමඟ ඒකාබද්ධව 2024 ඔක්තෝබර් මස 01 දින හොරණ “මව්පිය සෙවණ” වැඩිහිටි නිවාසයේදී ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ භඨකාර්ය සම්පාදක ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහභාගී වූහ.

මෙම වැඩසටහනේදී, එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර එම වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ කැලිප්සෝ සංගීත ප්‍රසංගයක්ද පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.