Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th October 2024 17:56:41 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය 2024 ඔක්තෝබර් මස 04 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

නව සභාපතිතුමිය එම ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව මීට ප්‍රථම තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ කාර්යය මණ්ඩලයට සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ට සිය කෘතවේදීත්වය පළ කළාය. රාජකාරි භාරගැනීමෙන් අනතුරුව එතුමිය සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් ඉදිරි වැඩසටහන් සහ ඒවා සාර්ථක ලෙස පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡාවක ද නිරත වූවාය.