Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2024 15:30:01 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 සැප්තැම්බර් මස 29 දින දියතලාව 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.

මෙම උත්සවයේදී 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි සහ ප්‍රාදේශීය විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපොල - මුලතිව්හි රාජකාරි කරනු ලබන හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදෙන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ භාණ්ඩාගාරික ශ්‍යාමා හෙට්ටිගේ මහත්මිය සහභාගී විය. ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන යුද්ධ හමුදා සාමාජිකයන්, සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.