Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2024 15:24:15 Hours

‘Army Seva Vanitha Wetland Cafe’ අවන්හල විවෘත කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ ‘Ceylon Cold Stores’ PLC සමාගම සමඟ එක්ව යුද්ධ හමුදා මූලස්ථානය අසල ඇති ඇවිදීමේ මංතීරුව අසල ‘Army Seva Vanitha Wetland Cafe’ නමින් අවන්හලක් 2024 ඔක්තෝබර් 01 දින විවෘත කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර, එහිදී එතුමිය විසින් එම අවන්හල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත කරන ලදී. විරු කැකුළු පෙර පාසලේ දරු දැරියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 450 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රජා සුබසාධනය මෙමගින් මනාව පිළිබිඹු කරන අතර, අවන්හල විවෘත කිරීමෙන් අනතුරුව දරුවන් සඳහා තරඟ කිහිපයක් සංවිධානය කරන ලදී. ජයග්‍රාහකයින් සහ සහභාගී වූ අනෙකුත් දරුවන් වෙත එහිදී ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය. මෙම වැඩසටහන අතරතුර ‘Ceylon Cold Stores’ PLC’ සමාගම මගින් එම දරුවන් වෙත කෙටි ආහාර ද ලබා දෙන ලදී.

අනතුරුව ජානකී ලියනගේ මහත්මිය පැමිණ සිටි දරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ‘Ceylon Cold Stores’ PLC’ සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.