Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd October 2024 19:21:40 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර ළමා දිනය සමරයි

ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ළමුන්ට විනෝදාස්වාදය සහ සහයෝගය ලබා දීමේ අරමුණින් ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් කොළඹ පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 01 දින සංවිධානය කරන ලදී.

වැඩසටහනේදී ජානකී ලියනගේ මහත්මිය විසින් ළමුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ප්‍රදානය කෙරිණි. අනතුරුව ඔවුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.