02nd October 2024 19:26:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස කල්‍යාණි විජේරත්න මහත්මිය 2024 සැප්තැම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ආගමික වතාවත්වලින් අනතුරුව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කල්‍යාණි විජේරත්න මහත්මිය සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.