Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st October 2024 17:16:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අත්‍යවශ්‍ය මාතෘ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම මත නොච්චියාගම ප්‍රදේශයේ ස්ථාපිත 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් එම ඒකකයේ සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් 32 දෙනෙකු වෙත රුපියල් 20,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය මාතෘ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 28 දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව, සියලුම ප්‍රතිලාභීන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. එහිදී, නොච්චියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කපිල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පශ්චාත් ප්‍රසූති සත්කාර’ තේමාව ඔස්සේ දේශනයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.