30th September 2024 18:09:00 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස නිලන්ති වනසිංහ මහත්මිය 2024 සැප්තැම්බර් මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තාය.
ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නිලන්ති වනසිංහ මහත්මිය සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී වූහ.