30th September 2024 18:11:36 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 28 දින දඹුල්ල වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 57 දෙනෙකු වෙනුවෙන් විනෝදාස්වාද වැඩසටහනක් සහ ප්‍රණිත භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.
දඹුල්ල මහ නගර සභාවේ සහයෝගය ඇතිව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.