Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th September 2024 20:50:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඉන්දිරා පිළිකා භාරයෙහි සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි අබේසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 සැප්තැම්බර් මස 25 දින ඉන්දිරා පිළිකා භාරයෙහි සංචාරයක නිරත වූහ. මෙහි වයස අවුරුදු එකේ සිට දහසය දක්වා පිළිකා රෝගී දරුවන් ඔවුන්ගේ පවුලවල සමාජිකයන් සමඟින් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මෙම සංචාරයේදී එම පිළිකා භාරයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීම සිදුවිය.

සංචාරයේදී එම ළමුන් සඳහා සංගීත වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, අනතුරුව තුෂාරි අබේසිංහ මහත්මිය විසින් අත්‍යවශ්‍ය තෑගි ඇසුරුම් සහ වෛද්‍ය ආධාර සඳහා රු.50,000.00 මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ. එම්. කේ. ජී. පී. එස්. කේ අබේසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.