21st September 2024 21:09:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය ප්රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සියලු සාමාජිකාවන් 2024 සැප්තැම්බර් මස 07 දින සෙනෙහස වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 60 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
මෙම වැඩසටහනට සමගාමීව එම වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගක් ද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.