20th September 2024 13:56:44 Hours
විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස දමයන්ති බණ්ඩාරනායක මහත්මිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 2024 සැප්තැම්බර් මස 18 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාර ගැනීම සිදුවිය.
ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් දමයන්ති බණ්ඩාරනායක මහත්මිය ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම උත්සවය අතරතුරදී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ දිවංගත ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ජේ. ඒකනායක සෙබළාගේ දරුවන් හතරදෙනා වෙත පාසල් උපකරණ සහ රුපියල් 45,000.00 ක වටිනාකමකින් යුත් DSI වවුචරපත් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.