13th September 2024 12:59:57 Hours
උපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය 2024 ජූලි මස 06 දින ආරම්භකෙරිණි.
මෙම ව්‍යාපෘතිය මගින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් රණවිරුවන් 11 දෙනෙකු සඳහා මූල්‍ය ආධාර සපයන ලද අතර, ඒ සඳහා අදාළ බලඇණිවලින් ශ්‍රම දායකත්වයද ලබා දෙන ලදී. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස ලාන්ස් කෝප්රල් පී. රුවන් චාමර වෙත අභිනවයෙන් ඉදිකරන ලද නිවසය 09 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.