11th September 2024 06:35:53 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ අර්ථික අපහසුතාවයන් ලිහිල් කිරීම අරමුණින් වියලි සලාක පාර්සල් බෙදාදීමේ දෙවන අදියර එම සේවාවනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහිදී එම බලකායේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන් 125 දෙනෙකුහට වියලි සලාක පාර්සල් බෙදා දීමට සැලසුම් කරන ලදී.
ඒ අනුව වියළි සලාක පාර්සල් 16 ක් පරිත්‍යාග කිරීම 2024 අගෝස්තු මස 10 දින එම බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්විම පැවත්වීමේන් අනතුරුව සිදුකරන ලදී. අනතුරුව, ඉතිරි පාර්සල් 109 අදාළ යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත ලබාදීම සඳහා අදාළ බලඇණි වෙත වෙන් කර දීමට කටයුතු කරන ලදී.
එම බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම කාර්යය සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, කෘෂිකර්ම සහ පශු සම්පත් පුහුණු පාසලේ සේනාවිධායක සහ සියලුම අණදෙන නිලධාරීන් ගේ සහයෝගය හිමිවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.