Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th September 2024 22:24:30 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක්

උපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය 2024 ජූලි මස 06 දින ආරම්භකෙරිණි.

මෙම ව්‍යාපෘතිය මගින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් රණවිරුවන් 11 දෙනෙකු සඳහා මූල්‍ය ආධාර සපයන ලද අතර, ඒ සඳහා අදාළ බලඇණිවලින් ශ්‍රම දායකත්වයද ලබා දෙන ලදී. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස කෝප්‍රල් ඩී.එම්. ජයතිලක වෙත අභිනවයෙන් ඉදිකරන ලද නිවසය 15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහ එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් 2024 සැප්තැම්බර් මස 8 දින විවෘත කරන ලදී.

මෙම උත්සවය සඳහා 15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.