10th September 2024 22:21:13 Hours
උපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය මගින් රණවිරුවන් 11 දෙනෙකුගේ නිවාසයන් සම්පූර්ණ කරගැනීම සඳහා මූල්‍ය ආධාර සපයන ලද අතර, ඒ සඳහා අදාළ බලඇණිවලින් ශ්‍රම දායකත්වයද ලබා දෙන ලදී.
මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස කෝප්රල් එස්. සුමතිපාල වෙත අභිනවයෙන් ඉදිකරන ලද නිවසය 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී සහ එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් විසින් විවෘත කරන ලදී.
මෙම උත්සවය සඳහා 1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.