Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th September 2024 08:00:05 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ලේ ‘අභිමංසල III’ වෙත සංචාරයක

පාන්ගොල්ල 'අබිමන්සල III' සුවතා නිකේතනයයේ පුනරුත්ථාපනය සහ සුවය ලබන නේවාසික රණවිරුවන් ගේ සුවදුක් විමසීම සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 අගෝස්තු මස 31 දින සංචාරයක නිරත විය.

සංචාරය අතරතුරදී, එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සහ සාමාජිකාවන් එක්ව නේවාසික රණවිරුවන් වෙත ඇඳුම් පැළදුම් ප්‍රදානය කරන ලදී. අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්. ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් පවත්වන ලද ප්‍රබෝධමත් දේශනයෙන් අනතුරුව, පැවති තේ පැන් සංග්‍රහයකින් උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

මෙම චාරිකාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ