06th September 2024 11:13:16 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී "ජූනියර් හයිලෑන්ඩර්ස් ළමා දිනය" නමින් වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 01 දින සංවිධානය කරන ලදී.
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහනේදී විනෝද ක්‍රීඩා ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්රදානය කිරීම ඇතුළත් විය. එම අවස්ථාවට සහභාගී වූවන් වෙනුවෙන් දිවා ආහාරය සහ තේ පැන් සංහ්රහයක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද සහභාගී වූහ.