Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th September 2024 16:23:47 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටියේ අභිමංසල II හි සංචාරයක

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි අබේසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටිය අභිමංසල II හි 2024 අගෝස්තු මස 30 දින සංචාරයක නිරත විය.

එම මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම මෙම සංචාරයේ අරමුණ විය. එම අවස්ථාවේදී රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද අත්කම් භාණ්ඩද නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව සභාපතිතුමිය විසින් සෑම රණවිරුවෙකුටම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත ත්‍යාග පාර්සලයක් ප්‍රදානය කරන ලදි. අනතුරුව යුදවිරුවන් , කාර්ය මණ්ඩලය සහ එම අවස්ථාවට සහභාගී වූ සාමාජිකාවන් සඳහා ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනීය විසින් විශේෂ අමුත්තන්ගෙ පොතේ සමරු සටහනක් තබමින් සංචාරයේ වැඩකටයුතු අවසන් කළාය

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.