Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th September 2024 16:26:05 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් ගර්භණී මව්වරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරයි

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ ගර්භණී භාර්යාවන් 18 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීම 2024 අගෝස්තු මස 10 දින කෙරුණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසු නිලයන්ද සහභාගී වූහ.