Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st August 2024 18:18:52 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටියේ අභිමංසල II වෙත

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටිය අභිමංසල II හි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීම අරමුණු කරගනිමින් එහි 2024 අගෝස්තු මස 28 දින සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේවාවනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මිය සහභාගී වූවාය. මෙම සංචාරයේදී උඩවලව මූලික වැඩපළ මඟින් සපයන ලද බතික් කමිස, සරම්, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් රණවිරුවන් සඳහා පරිත්‍යාග කරන ලදී.

එදින නේවාසික රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ තේ පැන් සංග්‍රහයකින් පසුව සංචාරයේ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්,සෙසු නිලයන් ඇතුළු එම සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූහ.