25th August 2024 14:33:29 Hours
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවේ රණවිරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 07 දින ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මිය විසින් අධීක්‍ෂණය කරනු ලබයි
ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය සනිටුහන් කරමින් සැරයන් ආර්.පී.ටී.ඩී.එස්. රාජපක්‍ෂ වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවස 6 බලඇණියේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සමඟ එක්ව 2024 අගෝස්තු මස 22 දින විවෘත කරන ලදී.
මෙම වැඩසටහනින් රණවිරුවන් 11 දෙනෙකුට එම සේවා වනිතා ශාඛාව වෙතින් මූල්‍ය ආධාර ලැබුණු අතර, ඔවුන්ගේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස නිම කිරීම සඳහා එම බලඇණිවල ශ්‍රම දායකත්වද ලබාදෙන ලදී.
මෙම උත්සවයට 6 බලඇණියේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.