21st August 2024 18:15:49 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ අධීක්ෂණය යටතේ, එහි වාර්ෂික මහා සභා රැස්වීම 2024 අගෝස්තු මස 18 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
එම අවස්ථාවේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය අසංක සේරසිංහ මහතා විසින් "පියයුරු පිලිකා සහ ගැබ්ගෙල පිලිකා " පිළිබදව ඉතා හරවත් දේශනයක් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සම්බන්ධීකරණ නිළධාරී තුමන් වන ලුතිතන් කර්නල් අයි. සමරනායක ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් විසින් " සමාජ ආචාර ධර්ම හා භෝජනාගාර සිරිත් විරිත් '' යන මාතෘකාව යටතේ කාලෝචිත දේශනයක් සිදුකරන ලදී.
අර්ධ වශයෙන් නිමකර ඇති නිවෙස් ඉතිරි වැඩ කටයුතු නිමකර ගැනීම සදහා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් රණවිරුවන් දෙදෙනෙකුට රු:200,000 ලබාදෙන ලදී. තවද, පිළිකා රෝගයෙන් පෙළෙන සෙබළෙකුගේ භාර්යාව වෙනුවෙන් රුපියල් 100,000ක් පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවෙකුගේ දියණියක විසින් රචනා කරන ලද කෙටිකතාවක් ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලයේ හර්ෂනී පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිටපත් 350 ප්‍රකාශයට පත් කර එම දියණිය වෙත පරිත්‍යාග කළේය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සහකාර භාණ්ඩාගාරික නෙත්මිණි මුතුමාල මහත්මිය විසින් මෙම ප්රයත්නය සම්බන්ධීකරණය කරන ලදී.
එම සේවා වනිතා ශාඛාව වෙත නව කාර්යය මණ්ඩලයක් පත්කිරීම හා සම්මාන ප්රදානය කිරීමත් සමඟ මහ සභාරැස්වීම අවසන් විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ භාර්යාවන් සහභාගී වූහ.