Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th August 2024 12:53:58 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ මහනුවර රෝහලේ පිළිකා සහ රසායනික චිකිත්සක රෝගීන් 350 දෙනෙකු සඳහා කිරි පැකට් බෙදාදීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 08 දින පවත්වන ලදී.

තවඳ, එම සේවානිතා ශඛාවේ සාමාජිකාවන් වත්තේගම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 27 දෙනෙකුට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

මේ අවස්ථාව යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් හා නිලධාරින් සහභාගි විය.