Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th August 2024 14:24:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ පස්වැනි වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ පස්වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 අගෝස්තු මස 10 දින කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සභාපතිනි එම සේවාවනිතා ශාඛාවේ වරුණි කුලතුංග මහත්මිය සහභාගි විය.

මෙම රැස්වීම සඳහා සාමාජිකාවන් 28 දෙනෙකු සහ කාන්තා නිලධාරිනියන් 9 දෙනෙකු සහභාගීවූ අතර, ව්‍යවස්ථාවට අනුකූලව නව කමිටුව තෝරා පත් කරගනිමින් ඉදිරි ව්‍යාපෘති පිළිබඳවද එම අවස්ථාවේදී සාකච්ඡා කෙරිණි.

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සෙසු නිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙත වියළි සලාක පාර්සල් 125ක් බෙදා දෙන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය දිනයට සමඟාමීව 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නිවාස අවශ්‍යතා ඇති සෙබලෙකු වෙනුවෙන් නිවසේ ඉදිරිකටයුතු නිම කිරීම සඳහා රුපියල් 300,000 ක් ද ප්‍රදානය කරන ලදී.