11th August 2024 13:57:11 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම මත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.ආර්.එස්. ද සිල්වා එල්එස්සී ගේ අධීක්ෂණය යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන ඉනෝෂි ප්‍රනාන්දු මහත්මිය සමඟින්, පරිත්‍යාග වැඩසටහනක් 2024 අගෝස්තු මස 3 දින තිසාවැව සේවා බලකා පුහුණු පාසලේදී පැවැත්විය.
මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සෙබළුන් 5 දෙනෙකුගේ දුවාදරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ එම ඒකකයේ සිවිල් කාර්ය මණ්ඩලය සඳහා වියළි සලාක පාර්සල් ප්රදානයක්ද සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සමඟාමීව එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවක් වන රසායනික විද්‍යාවේදී වැඩබලන විශේෂඥ වෛද්‍ය මේජර් ශානිකා හලංගොඩ නිලධාරි තුමිය විසින් ‘පෝෂණය සහ ළමා සංවර්ධනය’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.
අනතුරුව, එම අවස්ථාවට සහභාගී වූ සියලු දරුදැරියන් සහ දෙමාපියන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එම උත්සවය අවසානයේදී සේවාවනිතා ශාඛාවේ සභාපතිනිය විසින් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් සිදුකරනු ලබන යෝගට් ව්‍යාපෘතිය නැරඹීම වෙනුවෙන් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.