Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th August 2024 20:51:26 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහක්

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදිත පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ එම රෙජිමේන්තු මූලස්ථානයේදී ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු මස 08 දින පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

මෙම වැඩසටහනේදී 2022 සහ 2023 උසස් පෙළ විභාගයන් වලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 34 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙන්ම ගර්භණී මව්වරුන් 118 දෙනෙකුට අත්‍යාවශ්‍ය උපකරණ පාර්සල් බෙදාදීම සහ පාසල් ලමුන් වෙනුවෙන් පාසල් උපකරණ ඇතුළත් ත්‍යාග පාර්සල් 20 ක් තෝරාගත් ලමුන් අතරේ බෙදාදීම සිදුවිය.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන්, මෙම සුභසාධන වැඩසටහන සඳහා සහභාගී විය.