12th August 2024 13:53:39 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහ සභා රැස්විම 2024 අගෝස්තු මස 07 දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධික අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගි විය. ගජබා රෙජිමේන්තු සාමාජිකයන්ගේ පවුල්වල සුභසාධන ගැටළු සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම මහ සභා රැස්වීමේ මූලික අරමුණ විය. මීට අමතරව එම පවුල්වලට තවදුරටත් උපකාර කිරිම් සඳහා අනාගත සැලසුම් සකස්කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.
මෙම රැස්විමට ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී විය.