08th August 2024 14:25:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනීෂා කොතලාවල මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 16 දින එම සේවා වනිතා ශාඛාවේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟින් එක්ව රාගම රණවිරු සෙවණේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ මානසික සුව තාවය වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනනේ මූලික අරමුණ විය.
මෙම උත්සවයේදී නේවාසික රණවිරුවන් වෙත අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ සාමාජිකාවන් විසින් රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් පවත්වන ලද ප්රණිත දිවා ආහාර සංග්‍රහයකින් අනතුරුව රණවිරුවන්ගේ රසාස්වාදය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත වැඩසටහනක්ද පැවැත් විය.
එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.