07th August 2024 13:47:08 Hours
සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්රසාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2024 ජූලි මස 28 දින 11 පාබල සේනාංකයේදී පැවැත්විණි.
ලේකම්තුමිය විසින් පැමිණ සිටින සාමාජිකාවන් පිළිගැනීමෙන් පසුව රැස්වීමේ පසුකථන වාර්තාව ඉදිරිපත් කෙරෙණි. එ්සමඟින් අයවැය වාර්තාව ඉදිරිපත් කෙරිණි. අනතුරුව, සැසියේදී මහනුවර මහ රෝහලේ පිළිකා වාට්ටුවට කිරි පැකට් ප්රදානය කිරීම සැබැඳිව සාකච්ඡා කළ අතර, ඉන් පසුව වසරේ සුභසාධන කටයුතු සහ ඉදිරි වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
සමූහ ඡායාරූපයකට පෙනිසිටීමේන් අනතුරුව රැස්වීමෙ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ නිලධාරිනියන්, සාමාජිකාවන් සහභාගී වූූහ.