06th August 2024 19:03:08 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ දරුදැරියන් 2024 අගෝස්තු මස 02 දින විරු කැකුළු ක්‍රීඩා පිටියේදී ‘මිකී මවුස්”යන තේමාව යටතේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ස්වෙන්ද්‍රිනී රුද්‍රිගෝ මහත්මිය සහ එම සේවාවනිතා සාමාජිකාවන් කිහිප දෙනෙකු සහභාගී වූහ. එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තිය කුඩා දරුදැරියෝ බුලත් හුරුල්ලක් දී උණුසුම් අයුරින් පිළිගත්හ.
එහිදී පැවති විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් සඳහා එම පෙරපාසලේ සියලු දරුදැරියෝ දස්කම් පෙන්වූ අතර, එම ළමුන්ගේ දෙමාපියන්ද විශේෂ ක්‍රීඩා සහ විනෝදාත්මක ඉසව් කිහිපකටද සහභාගී වූහ.
අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තිය විසින් දරුදැරියන් වෙත ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව, ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් සිසිල් බීම සංග්‍රහයකට සහභාගී වූහ. පෙරපාසලෙන් පිටත්ව යාමට පෙර එතුමිය විශේෂ අමුත්තන්ගෙ සමරු සටහණ පොතේ සටහනක්ද තැබූවාය.
මෙම අවස්ථාවට ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු නිලයින් සහ දෙමාපියන් ද සහභාගී වූහ.