Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th August 2024 18:53:33 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා සෙබළුන් සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි සලාක පාර්සල් 500ක් බෙදා දෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය යාපනය, වන්නි, නැගෙනහිර, බටහිර සහ මධ්‍යම යටතේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් අතර වියළි සලාක පාර්සල් 500 ක් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි එම කාර්යාලයේදී 2024 අගෝස්තු මස 05 දින බෙදා දෙන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ප්‍රථිලාභීන් වෙත වියලි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ, එම සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද එක් වූහ.