05th August 2024 10:59:31 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ 1 ක්ෂ්ත්ර ඉංජිනේරු රෙජිමේන්තුවේද සහය ඇතිව අධ්‍යාපනය හදාරන දරුදැරියන් සඳහා ආධාර කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජූලි මස 30 දින පවත්වන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල දරුවන් තිදෙනෙකුට වඩා සිටින අයවළුලුන්ගේ අධ්‍යාපනික අත්‍යාවශ්‍යතාවයන් වෙනුවෙන් ආධාර කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. දැරුදැරියන් සඳහා පොත්, ලිපි ද්‍රව්‍ය සහ පාසල් බෑග් වැනි විවිධ අධ්‍යාපනික ද්‍රව්‍ය ඇතුළත් තෑගි පාර්සල් එම අවස්ථාවේදී ප්‍රධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගී විය.