04th August 2024 12:05:54 Hours
අනුරාධපුර ‘විරු කැකුළු’ පෙර පාසලේ දරුදැරියෝ 2024 ජූලි මස 29 දින ‘Fairy Garden’ යන තේමාව යටතේ 4 ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රීඩා පිටියේදී පැවැත් වූ වාර්ෂික ක්‍රීඩා උළෙලේ දී සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කළහ.
මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සහ විරු කැකුළු පෙර පාසල භාර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා අනෝජා පීරිස් මහත්මිය සහ එම සේවාවනිතා සාමාජිකාවන් කිහිප දෙනෙකු සහභාගී වූහ. එම ස්ථානයට ප්‍රධාන ආරාධිත අමුත්තිය කුඩා දරුදැරියන් බුලත් හුරුල්ලක් දී උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
එහිදී පැවති විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක ඉසව් සඳහා එම පෙරපාසලේ සියලු දරුදැරියන් සහභාගි වූහ. අනතුරුව, එම පෙර පාසලේ ගුරුවරුන් සහ දෙමාපියන් වෙනුවෙන් විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. විනෝදස්වාද ඉසව් මෙන්ම සරඹ සහ තූර්ය වාදන සංදර්ශනවලින් මෙම වැඩසටහන වර්ණවත් විය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තිය විසින් ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වූ දරුදැරියන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු නිලයන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.