Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th August 2024 13:13:09 Hours

මින්නේරිය 'වීරු කැකුළු' පෙරපාලේ දරුදැරියන්ගේ දක්ෂතා පෙන්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය වන මින්නේරිය 'විරු කැකුළු' පෙර පාසලේ ඉගෙනුම ලබන දරුදැරියෝ 2024 ජුලි මස 30 දින ‘Shade of Colour’ යන තේමාව යටතේ සිය වාර්ෂික ක්‍රීඩා උළෙල මින්නේරිය ශ්‍රී ලංකා කාලතුවක්කු සංකීර්ණයේ ජෙනරල් ලයනල් බලගල්ල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස විරු කැකුළු පෙර පාසල භාර යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා නිර්මලී විජේකෝන් මහත්මිය සහ එම සේවාවනිතා සාමාජිකාවන් කිහිප දෙනෙකු සහභාගී වූහ. එම ස්ථානයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තිය කුඩා දරුදැරියෝ බුලත් හුරුල්ලක් දී උණුසුම් අයුරින් පිළිගත්හ.

එහිදී පැවති විවිධ ක්‍රීඩා සහ විනෝදාත්මක ඉසව් සඳහා එම පෙරපාසලේ සියලු දරුදැරියෝ සහභාගි වූහ. අනතුරුව, එම පෙර පාසලේ ගුරුවරුන් සහ දෙමාපියන් වෙනුවෙන් විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. විනෝදාස්වාද මෙන්ම සහ සරඹ සහ තූර්ය වාදන සංදර්ශනවලින් පිරුණු වැඩසටහන ඉතා වර්ණවත් විය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තිය විසින් ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වූ දරුදැරියන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.

අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තිය විසින් දරුදැරියන් වෙත ත්‍යාග පිරිනැමීමෙන් අනතුරුව, ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වෙමින් තේ පැන් සංග්‍රහයකට සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සෙසු නිලයන් සහ දෙමාපියන් ද සහභාගී වූහ.