Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd August 2024 21:42:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව කාර්යාලය විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මිය විසින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සේවා වනිතා ශාඛාවේ නව කාර්යාලය 2024 ජූලි මස 27 දින විවෘත කරන ලදී.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ විශ්‍රාමික කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සඳහා රු. 35,000/- ක මූල්‍ය පරිත්‍යාගක් සිදු කරන ලදී.

මීට අමතරව, යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගිය එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ ලිඛිත ඉල්ලීමකට අනුව ඔහුගේ දියණියන් තිදෙනාට පාසල් උපකරණ සහ පාසල් පාවහන් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.