Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st August 2024 10:30:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ කමිටු රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ කමිටු රැස්වීම එම රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මගපෙන්වීම යටතේ 2024 ජූලි 27 දින පැවැත්විය.

මෙම අවස්ථාවට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සමඟ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී විසින් කුරුඳු තෙල් නිස්සාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදුවිය. මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.