Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th July 2024 17:54:07 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් අභිමංසල රණවිරුවන් සඳහා උපකාර කෙරේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2024 ජූලි මස 28 දින අභිමංසල I, II, III සහ මිහිදු සෙත් මැධුර සුවතා මධ්‍යස්ථානයේ නේවාසික රණවිරුවන් සහ කාර්ය මණ්ඩලය සඳහා වියළි සලාක පාර්සල් 100 ක් බෙදා දෙන ලදී. මිහිදු සෙත් මැධුර සුවතා මධ්‍යස්ථානයේ දී පැවැත්වු මෙම වැඩසටහන රණවිරු පවුල්වල ආර්ථික බර අඩුකිරීමේ අරමුණින් පැවැත් විණී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් ප්‍රථිලාභින් වෙත සහනාධාර පාර්සලය බැගින් බෙදාදෙන ලදී. සභාපතිනිය සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාන් සමඟ එක්ව නේවාසික රණ විරුවන් වෙත සංග්‍රහයක් පිරිනැමීය. අනතුරුව රණවිරුවන්ගේ මානසික සුවය ඉහළ නැංවීම සඳහා යුද්ධ හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සංගීත වැඩසටහනක් පැවැත් විණි.

මීට අමතරව, පාන්ගොල්ල, අබිමංසල III හි ජල චිකිත්සක පිහිනුම් තටාකය නඩත්තු කිරීම සඳහා අත්‍යාවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ගේ සුරතින් පරිත්‍යාග කෙරිණි.

අභිමන්සල වෙතින් පිටත්ව යාමට පෙර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සහ එහි සාමාජිකාවන් සමඟින් නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.