Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th July 2024 17:26:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාව විසින් කෘත්‍රිම අත් සහ පාද ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 28 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම ප්‍රජා වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 23 පාබල සේනාංකය සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ සහාය ද හිමි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය. කොක්කඩිචෝලෙයි, මඩකලපුව, අම්පාර, පදියතලාව, වැලිකන්ද, සිංහපුර, පූනානි සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළුව ආබාධිත පුද්ගලයන් 26 දෙනෙකුට මෙම වැඩසටහනේ දී ප්‍රතිලාභ හිමි විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය ගේ මඟපෙන්වීම යටතේ “Colombo Friends in Need” සමිතියේ මුල්‍ය අනුග්‍රහය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට “Rotary Club of Capital City” සමාජයේ හේමන්ත අපෝන්සු, ආචාර්ය සංජීව රාජපක්‍ෂ, සහ එස්.එම්.එස්. බණ්ඩාර මහත්වරුන් ඇතුළු 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.